වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය - 2024 (සංශෝධන)

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය - 2024

උක්ත විභාගය සම්බන්ධ මගේ සමාංක හා 2024.07.04 දිනැති අභ්‍යන්තර විභාග නිවේදනය හා බැදේ.

ඒ අනුව අභ්‍යන්තර විභාග නිවේදනය සහ අයදුම්පත්‍රය සංශෝධනය කොට යළි නිකුත් කිරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි.

  • අභ්‍යන්තර විභාග නිවේදනයේ සංශෝධිත වගන්ති හා ඊට අදාළ අංක පහත දැක්වේ.

05 (v) තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් 2024.10.02 දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

05 සටහන (ආ)

  1. 2024.10.02  දිනට පූර්වාසන්න පස් අවුරුදු කාලය තුලදී උපයාගත යුතු සියලුම වැටුප් වර්ධක ලබා තිබීම.
  2. 2024.10.02 දිනට පූර්වාසන්න වූ වර්ෂ 05 තුළදී කිසිදු විනයානූකූල දඬුවමකට යටත් කර නොතිබීම.

 

08 (I) මෙම නිවේදනය අවසානයේ දක්වා ඇති ආදර්ශ අයදුම්පත්‍රය A4 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කර හෝ ඒ අනුව සකසාගෙන, අදාළ තොරතුරු තම අත්අකුරින්ම පැහැදිලිව ඇතුලත් කර සිය දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින්, 2024.10.09 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ  “ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, බී දොරටුව, පළාත් සභා කාර්යාල සංකීර්ණය, කුරුණෑගල ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. (ජායා පිටපත් හෝ ප්‍රගමන පිටපත් භාර ගනු නොලැබේ.)

(IV) 2024.10.09 දිනෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ආදර්ශ අයදුම්පත්‍රය

 දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය

3.ඔහු / ඇය ස්ථිර තනතුරක 2024.10.02 වැනි දින වන විට සේවය ස්ථිර කරනු ලැබ සිටින බවද,

5.ඔහු / ඇය 2024.10.02 වැනි දිනට හෝ ඊට පෙර යටත් පිරිසෙයින් අවුරුදු 05ක අඛණ්ඩ සක්‍රීය සේවයක් සම්පූර්ණ කර ඇති බවද,

7.ඔහු / ඇය 2024.10.02 වැනි දිනට රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 01/2020 හි සඳහන් විධිවිධානයන්ට අනුකූලව විනයානුකූල දඬුවමක් ලබා නොමැති බවද,

ලෙස සංශෝධනය කරනු ලැබේ.